සුදු
පැහැති පිඟන් ගඩොල් මතින් කුරුළු ගමනක
පැමිණි මම, ඔහු පිටුපසට වී බලා උන්නෙමි. හේ
කවදත් නිශාචර ජීවියෙකි. රැය උදාවීමමෙන්ම ගෙවි යාම ද සිදුවන්නේ ඔහු නොදැනම බව නිශාචරයාගේ
පියඹ වන්නත් බොහෝ කලක සිටන්ම මා දැන උන්නෙමි.
පොතක්
හෝ පරිගණකයක් අසල සිටින විට තමා හා වටපිටාව අමතක වන තරමටම උමතුවන හේ ඉන් පරිබාහිරව ගැඹුරු දියක් මෙන් නිහඬ නිසංසල
වීය. ප්‍රේමයේ සුපසන් හැඟුම් අද්දරත් ගොලුබසින් කතාකල හෙතෙම ජීවිතයේ අන්තිම පතුලටම කියාදුන් බව මා කෙසේ
අමතක කරන්නද?
රහසින්
බලා සිටීම, මට කෙසේවුවද ඉඳුරන්ට තවත් කල නොහැකිව තිබුනි. ඉඳින්, හීනි දිඟු අතැඟිලි ඒ කළුවන් කෙටි කෙස් අතරේ ගෙන
ගියෙමි. නැත ඒ ස්පර්ශය ඔහුගේ දැහැන බිඳින්නට තරම් ප්‍රාණවත් නොවේ..
දෑඟිලි ඔහුගේ ගෙල මුලට ගෙන ගොස් එලෙසින්ම පහත් වී කෙටි රුවුල් කොට වලින් ගොරෝසු වු
කම්මුල මත්තේ කම්මුලක් තමා ගතිමි.. ආදරයක ආශ්චර්යය!! එක අතකින් පොත රඳවාගෙන අනෙක්
අත මාගේ කෙහෙරැලි අතරට ගෙන යන්නට තත්පර
කිහිපයක පමාවක් පමණක්ම සිදුවිය.
උගුර සිරවී හැඬුම් එන්නට ඔන්න මෙන්න තිබියදී ක්ෂනික ඉරියව් වෙනසකට නතුව මාගේ දෙතොල් ඒ තොල් පෙති අතරේ සිරගතව තිබුනි!!
ආදරය මේ දැයි සිතා අසා
සිටියෙමි........................
The smile on your face
Lets me know
That you need me
There's a truth
In your eyes
Saying you'll never leave me
The touch of your hand says
You'll catch me
Whenever I fall
You say it best
When you say
Nothing at all
මුවින් නොදෙඩුවද.. ඔහු සැබැවින්ම කතාසරිත් සාගරයක් බව, සිතුවිලි වලට ඒත්තු ගන්වමින්.. පොත යලිදු ඔහුටම දී.. ඒ අඩවන් දෙනෙත් දෙසම බලා ඉන්නට සුදු පැහැ ටයිල් පොළවේ ඔහු අසලින් වාඩි උනෙමි!
4 comments:
මම නම් මෙ පැත්තට කලින් අවිල්ලා නැ වගෙ... අපු ගමන්ම අපුරු නිර්මනයක් හරිම අසාවෙන් කියෙව්වෙ මම මෙ වගෙ කතා වලට ආසයි.. ජය.. වසන්තයක්ම උදා වෙවා.......
ආසම සින්දුවක්
මං මේ සින්දුව අහලා තියෙනවා වගේ මතයක් තියෙනවා....
කොහොම හරි දැන් ඇහුවනේ.නියමයි.
niyamai yalu adamai mama me paththata awe
Post a Comment