සති
අන්තයේදී අසල්වැසි නිවසක පියානෝ වාදනය ඉගැනුම සඳහා ගිය විට නිරතුරුව පියානෝව අසල
රෑඳෙමින් ඇය මා අගය කලාය, මා පියානෝ වාදනය උගැනුම දෙමාපියන්ගේ කැමැත්ත වුවද මා ප්‍රිය
කල එකම වාද්‍ය භාන්ඩය බටනනලාවයි. ඇය එය හොඳින් දැන උන්නාය, එසේ වීත් පියානෝ වාදයනය
උගැන්මට ඈ මා දිරිමත් කලාය. විවේකී සන්ධ්‍යා කාලයන්හීදි මිටියාවත කෙලවරකට වී
සාම්ප්‍රධායික තනු බටනලාවෙන් වැයීම සඳහා
ඇය මට උදව් කලාය. කිසිදු පෙර ඉගැනුමකින් තොරව මා මෙසේ වාදනය කරන බැව් දානගත් මාගේ
දෙමාපියන් මෙන්ම සංගීත ගුරුවරියත් බෙහෙවින් පුදුම වූවෝය.
ගැහැණු
ශරීරයේ ද්වීතීක ලක්ෂන මතුවන කාලය වන විට ඇය මා අසල ගැවසීම සිතට ලජ්ජාවක් ගෙන දෙන
කරුණක් විය, නමුත් මා ද්වීතීක විපර්යාසයට පත්වන විටත් ඇය එහි අවසන් භාගයේ
උන්නායැයි මා අනුමාන කලෙමි. එය අනුමානයක් පමණක්මදැයි මොහොකතට අදටත් සිතමි.
හුදෙකලා යැයි අන්අය සිතුවත්. පාසැලේදී මා හට බොහෝ
මිතුරන් විය ඒ අතරින් වඩාත් කලා කාමීව මා සිත අරක් ගත් තැනැත්තා සිදත්ය. කළුවන් කෙස්වලින් සහ දුඹුරු පැහැ
දෙනෙතින් යුතු ඔහු ද මා මෙන්ම
හුදෙකලාකාමියෙකි. ෆයිනස් යාය අසබඩ ලීබංකුව මතට වී ඇයත් සමඟ විවේක කාලය ගත කරද්දී බොහෝ විට යාබද බංකුවේ වාඩි
සිටියේ සිදත්ය.
ඇයත්
මමත් නිරතුරුව කතාකල මාතෘකා අතර සිදත් බෝ විට සැරි සරුවේය. බොහෝමයක් අවස්තාවල අපගේ
කතාබහ අවසාන වූයේ වාදයකිනි. සිදත් විශයෙහි ඇයත් මමත් එකිනෙකට වෙනස් මත දැරීම අප
දෙනොගේ මිතුරු දමේ පළමු නොගැලපීම විය.ඊට පෙර ඇය සිතුවේත් මා සිතූ දෙයම බව මම
හොඳින් දන්නනෙමි. ඔහු කඩවසම් යැයි මා කියද්දී වැදුලි සැරට හසූවි අඟුරු වුනු
වදුරකුට ඔහුව සම කල ඇය සමච්චල් සහගත ලෙස සිනා සුනාය. මම බොහෝ සෙයින් ප්‍රිය කල
ඔහුගේ දුඹුරුවන් ඇස් ඇයට බළල් ඇස් පමණක්ම විය. ඇය සමච්චලයට ලක් නොකල එකම දෙය ඔහුගේ
නිහතමානි අවංක ගති පැවතුම් පමණකි.
ඇයත්
මමත් සිතුවිලි වලින් අදහස් බෙදාගනිද්දී සිදත් මා සමග දෙනෙතින් බොහෝ දේ කතා කලේය. ඒ
කතාබහේ රසවත් යාමය එළඹෙන විට මම ඇයගෙන් බොහෝ දුර ගිය සෙයක් මටද හැඟුණු. නමුත් සිදත් වටාවූ ලෝකය තුල මට සිතන්නට බොහෝ දේවල්
තිබුණි. ඇය අතොරක් නැතිව චොදනා කලාය. මා
හැර යන බවට දිවුරුවාය. නමුත් සිදත් ජීවිතයට වද්දා ගත්තා යනු ඇයව ජීවිතයෙන් එලවා
දැමීම නොවන බව ඇයට තේරුම් කර දුන්නෙමි. ඇය තේරුම් ගත්තා දැයි අදටත් මම නොදන්නෙමි.
මා නොදැනුවත්ව උවද ඒ ගත් සියලු උත්සයන් ව්‍යර්ත වු බව එකල මා නොදැන උන්නෙමි. ඇය මා
කෙරේ නිතර පසු වුයේ අමනාපයෙනි.
කාලය
ගෙවී හැල්මේ දිව ගියෙන් පාසැල් ඉගෙනුම අවසන් වී රැකියාවක් කරන කාලය එලඹෙන විට ඇය
මා අසල ගැවසෙන කාලය අඩු කලාය. ඇය කොයිදැයි බොහෝ වේලාවක් යන තුරුත් ඇගේ මිමිනීම
නොඇසින. ඇය කොහේ යනවාදැයි විමසූ නමුත් කිසි විටෙක පිළිතුරු නොදුන් ඇය ආවේග ශීලි
මොහොතක,”මාත්
ජීවියක් ඉල්ලන කෙනෙක් හෙයාගන්න ඔනි....” යන්න පමනක් කීවාය. ඒ අනූව සිදත් හා මා කෙරෙහි ඇය ඊර්ශයාවෙන් පසුවන
බව මා අනුමාන කලෙමි. ඇය දිගින් දිගටම මා
මග හැරීමට උත්සහ කලාය. අඩුම තරමේ සිදත්ගේත් මගේත් විවාහ මංගල්‍යයට පල්ලියට පවා ඇය
ආවේ නැත. මධුසමය අවසානයේ මා පැමිනෙන විටත් ඇය ගැන තොර තුරක් නොමැති විය. නමුත්
මධුසමය අතරතුරේදි බොහෝ වර ඇය අසල ගැවසේ යැයි හැඟිමකින් මා දෙතුන් වර ඇවිලි ගියෙමි!
මා ඇයට අසාධාරණයක් කලා යැයි මා සිත මට දොස් කියන්නට විය!
සිදත්
හා මම ගෙවූ සුන්දර විවාහ දිවිය තුල ඇය වෙනුවෙන් වේලාවක් වෙන් කරන්නට කොහෙත්ම ඉඩක් නොලැබිනි. ඇය ගැන
සිතන්නට ලැබුනු . ඒ පිළිබඳ වරදකාරී හැඟිමකින් වරෙක මා පරාජිත උනෙමි. ඇයට මුහුන
දිමේ අපහසුතාවය නිසාම ඇය සමඟ මිමිනිමේ පුරුද්ද විවාහයෙන් පසු ඉබේම නැති වී ගියේය.
නමුත් දිනක් ඇයම මා කරා පැමිණ දයාබර ලෙස මිමිනුවාය.
“මායා..
මම යනවා.. දැන් මට යන්න පුළුවන්... මේ දවස එනකල් මම ගොඩක් ආහාවෙන් බලාගෙන හිටියේ..
ඔයාට නොකියා යන්න බැරී නිසයි ආයිත් ආවේ
කියලා යන්න...මම ඉක්මනින්ම ආපහු ඔයාගේ ලඟටම එනවා.....”
“ම... මට සමාවෙන්න.....” ඒ හැර අන් කිසිවක් කියාගත කොහැකිව මා ගල් ගැසී උන්නෙමි..
“මොනවට
සමාව ඉල්ලනවාද ඔයා වරදක් කරන්නේ නැහැ මායා.. ඔයා මට කරන්නේ ලොකුම උදව්වක්.. මේකෙන්
මට අළුත් ජීවිතයක් ලැබෙනවා.. ඔයා දාලා
යන්න බැරව තැවි තැවී උන්න මට.. ඔයා වෙනුවෙන්, ඔයාලා දෙන්නාගේ සතුට වෙනුවෙන්, අළුත් කෙනක් වෙන්න ලැබෙනවා.... සතුටින් ඉන්න..
මායා.. තව පොඩි කාලයයි.. මම ආයිමත් ඔයාගේ ලඟටම එන්න පොරාන්දු වෙනවා...”
එලෙස
සැනසුම් බස් කියා ඇය අතුරුදහන් වූවාය. දිනය පුරාවට සයනයයෙන් නැගිට ගත කොහැති තරමේ
කායික පීඩාවකින් මා පෙළුනෙමි. දින කිහිපයක් යන තුරුත් එම තත්වය මඟ නොහැරුනෙන් සිදත් බොහෝ සෙයින් කලබල වී මාගේ විරෝධයද නොතකා
මා වෛද්‍යවරයෙකු කරා ගෙන ගියේය.
“වැඩ්ය
කල බල වෙන්න දෙයක් නැහැ මිස්ටර් සිදත්..
ඔයා තාත්තා කෙනක් වෙන්න යන්නේ... මායාව හොඳින් බලා ගන්න.. MY congratulations!!
” වෛද්‍ය වරයාගේ
වදන් හමුවේ සිදත්ගේත් මගේත් දෙනෙත් හමුවිය ඒ
තද දුඹුරු පැහැ දෙනත් ප්‍රීතියෙන් බැබලෙමින් තිබුනි. අපි දෙමාපියන් වන්නට
යන්නේය. එය අපගේ කතාවේ සුන්දරම පරිච්ඡේදයක ආරම්භය වනු ඇත. සමුගත් ඇය මේ මොහොතේ උන්නානම් අප දෙදෙනා මෙන්ම
සතුටු වනු ඇත. කුඩාකල බෝනික්කන් සමග
සෙල්ලම් කරද්දී හැබැහින් මව්වරුන් වන දිනයක් ගැන අප දෙදෙනාම සිහින මැව්වෙමු. මගේ
කිරි කැටියා මට අම්මා කියන විට ඇයට මමා කිවයුතු යැයි අය නීති පනවා සිටියාය.
මාතෘත්වය
අපේක්ෂිත සමයේ ඇය නැති අඩුව මට බොහෝ සෙයින් දැනුනි. නිරතුරුව මනසින් යමෙකු හා
කතාකර පුරුදු වූ මට මෙම නවමු අත්දෑකීම බෙදා හදා ගැන්මට කිසිවෙකු නොවීම සැබැවින්ම
වේදනාවක් විය. ඉඳින් නිතැනින්ම මාගේ කස තුල වූ කලලය හා දොඩන්නට මා උත්සහ කලෙමි.
එහෙත් ඇය තරම් දොඩමලු වන්නට කුඩා කලලයට හැකියාවක් නොවීය.

“ඔහ්!!!
... මායා.... මේ බලන්න ඔයාට ලස්සන දුවෙක් ඉපදිලා... මෙයා හරියටම... ඔයා එක්කම
ඉපදිලා... අපිව දාලා ගිය ඔයාගේ නිවුන් අක්කා වගේමයි.....මට අදහගන්න බැහැ මායා..
එදා එයාව මගෙන් අරන් යද්දිත් හිටියේ මේ වගේමයි.. එකම වෙනස එයා අද ජීවතුන් අතර
ඉන්නවා...”
සිඟිති
දියනිය මා අතට දෙමින් මාගේ මව විශ්මයෙන්
යුතුව කැ ගැවාය....මම දියනිය තුරුලට ගෙන ඇයගේ මුහුණට එබුනෙමි... අදහාගත නොහැකි
විය.. මේ උන්නේ මා සමඟ මෙතුවක් ජීවත් වු ඇයමය!
12 comments:
ලස්සන කතාව... පොඩි කන්ෆියුශන් එකක් අවා මේ නිවුන් සහෝදරිය මායා ඉපදෙද්දීම නැතිවෙලා මනංකල්පිතව මායා එක්ක හිටියද නැත්තම් ඇත්තටම හිටියද කියලා... දෙවනි පාර කියවද්දී හරියට තේරුණා...
කුතුහලය රඳවගෙන තියෙනවා ලිපිය පුරාවටම! :)
ලස්සනම කෙටිකථාවක්..... හරිම අපූරුයි... මට හෙල්ප් හින්දි චිත්‍රපටය මතක් උනා.. හැබැයි ඒකෙනම් මේ මිය යන කුඩා දැරිය එන්නේ පළි ගන්න
අපෝ මෙහෙම මොට්ටයෙක්.. මාතෘකාව කියවලා නෙමෙයි කතාව කියවලා තියෙන්නේ... :D
(සෙයාර් කරලා තිබුනු ලින්ක් එකකින් ආයෙත් මේ පේජ් එකටම ඇවිල්ලා... මගේ පරණ කමෙන්ට් එක දැක්කම මටම උත්තර දෙන්න හිතුනා...)
ලස්සනයි ලස්සනයි....
ම්ම්ම්ම්.. ඒකත් එහෙමයි.....
ස්තූතියි!!
මට දැන් හිතෙනවා ඒ නම නොදා හිටියානම් හොඳයි කියලා!!
එහෙමයි!!
ස්තූතියි!! :)
ස්තූතියි!! :D
මටත් මතකයි...
ඒත් මේ නම් මිතුරියක්!!
ස්තූතියි ආවාට
ඔබලාගේ ලියුම් කියුම් ලඟ මම තාමත් ඉතා ලපටියි!!
ස්තූතියි !!
මාගේ ප්‍රියතම රචකයෙකුගේ පැමිණිම.. ලොකු සතුටක්!! :D
ස්තූතියි අදහස් වලට !!
Post a Comment