සති අන්තය වෙහෙසකර ගමනක සොඳුරු අම්බලම,.... උදාවීමට බොහෝකලක්
ගතවන්නාවූත්, ඉතා ඉක්මනින්න ගෙවී
යන්නාවූත් කාලහෝරා කිහිපය, ජීවිතය නමැති නැවතුමක් දුර ඇති ගමනක ගිමන් නිවන විවේකය
පමණක් නොව ස්නේහයෙන් බැඳියවුන් හා කාලය ගෙවා දැමිය හැකි සැරයකි
.
“මහ ගෙදර” තරම් සති අන්තයේදී කාරය බහුල අන් තැනක් මම නොදනිමි. පිය
පාර්ශවයේ නෑයින් බොහෝ දෙනෙකු විවේකය ගෙවාදැමීමට තොරාගත් සොඳුරු පාරාදීසය මෙයයි. ඒ
මෙය ඔවුන් සියල්ලන්ගේම මුල් භුමිය නිසයි.
කාරයබහුල සතියේ දිනවල නොඇසෙන කුරුළු ගීත සති අන්තයේදී අපූර්වතම ලෙස
සවනත වැකෙයි කොයි සිටන් හඬ නගනවාදැයි සොයාගත නොහැකි නමුත් විවිධ වර්ගයේ විහඟුන්ගේ
කන්කළු නාදයන් සවන්පත් පුරා නින්නාද
දෙන්නේ වේගරිද්ම ඉංග්‍රීසි ගීත වලින්
විඩාපත් සවන්පත් භාවනාවකට සම වදිදවමිනි.
මා දෙසොහායුරන් අවදිකරවීම තරම් වෙහෙසකර කාරයයක් සති අන්තයේදී තවත් නැත. උදෑසන
සුන්දරත්වය අති නොවිඳින ඔවුන් ඔලමොට්ටලයන් ලෙස වරෙක මට සිතෙයි. සුර්ය උදාවත් සමඟ
වියැකීයන තුහින පටලයෙන් සහිත තණකොල බිස්සේ ඇවිඳිමින් උදෑසන තේ කෝප්පය පානය කිරීම
මා හදවතින්ම විඳින්නා වු ක්‍රියාවලියකි. උඳුපියලිය සහ බැලතණ මිශ්‍රව ඇති තණ බිස්සේ
නිරුවත් දෙපයින් ඇවිද යාම භාවනාවක් වන්වු ශාන්ත ක්‍රියාවලියකි.
කාරයබහුල මහගෙදර. මගේ නිහඬ භාවාත්මයට බාධාවක් වන බැවින් සති
අන්තයේමාගේ නවාතැන වන්නේ ඉඩම කෙලවරින් ගලා හැලෙන කුඩා දොළ පහරයි. කියවීමට යමක්
අතැතිව මුදුන් වන හිරු රැස් යටින් දොල අද්දරට පල්ලම් බැසීම මගේ සති අන්ත දිනවර්‍යාවේ
අනිවාර්‍ය අංගයකි.
නම නොදන්නා පඳුරු ශාක අතරින් ගමන් ගනිද්දී මගේ දෙපා හඬට බියවී දුවන
සාවුන් පසුපස හඹායන්න තරම් බෙළඳ ආශාවක් සිත
තුග නලියන නමුත් වන ලැහැබෙහි සිටිනවා යැයි කියන සර්පයින්ට ඇති බිය නිසාම එසේ
කිරීමට නිසිවිටෙකත් ඉදිරිපත් නොවෙමි.
දොළ අද්දර ගල්තලාව රෑස්ස වෘක්ෂ වියනකින් ආවරණය වු සුන්දර ඉසව්වකි.
කිසිඳු මිනිස් කට හඬක් හෝ වාහනයක ඝොෂාකාරී ශබ්දයක් නොවන මේ ඉසව්ව. සැබැවින්ම
නිහඬතාවයේ ප්‍රතිමූරතියකි. ඉඳහිට ඇසෙන කුරුළු කිචිබිචියක් හො අන් සතෙකුගේ නාදයක්
හැරෙන්නට සවනත වැකෙන එකම නාදය දොළපහර ගලායන ඒ ගීතවත් හඬ පමණි. එය ගුමු ගුමුවක්
කියන්නට මම ලෝබ වෙමි, සිල සිලියක්ද නොවන එය කිසිවිටෙනක් චුරු චුරුවක් නොවේ. එම
මිහිරි නාදය සම කරන්නට සිංහල වදනක් සැබැවින්ම මම නොදන්නෙමි. එය සවන්පත් අද්දර සිටන් මුමුණන ආදර ගීතිකාවක්
තරමට සුන්දර නාදයක් පමණක්ම බව මා දනිමි.
කියවන්නට තොරාගත් පොත ගල්තලාව මත එහෙමමය පසෙකින් උඩුබැලි අතට
වැතීරී සුළං නාදය, කුරුළු කිචිබිචිය
හාමුසුව ඇසෙන ජලපහරේ ගීතවත් නාදයට සවන් දීගෙන සිටිමි. කාලය කොතරම් වේගයෙන්
ගෙවෙනවාදැයි ඔබ විශ්වාස නොකරනු ඇත.
ගල් තලාව මතින් රූටා විත් ජලතලය මත දෙපා හොවා ගනිමි. කෙමෙන් කෙමෙන් ඉඟටිය දක්වා ජලයේ
ගිලෙන මම කුඩා දැරියක මෙන් දෙපා ගසමින් ජල
ක්‍රීඩාවේ යෙදෙමි. එය ඉතාමත්ම ආශවාද ජනකය සැබැවින්ම මා සිහිල් දිය රැළි සමඟ රමණයේ
යෙදෙනවා යැයි මොහොතකට සිතේ, එසැනින්න සිතුවිලි විසින්ම ලැජ්ජාවට පත්වන මම සෙමෙන්
දෙනෙත් විවර කරමි. ගස් අතරින් මතුවන හිරුගේ රශමි කදම්භය දෙනෙතට ලම්භකව ඉහළ අහසේ දිස්වේ, ඒ මද්දහනට ආසන්න බව කියන්නටය, එහෙත් මේ
ශිතල ජල ධාරාව හැරයන්නට සා සුදානම් නැත. නිවැසියන් මා සොයා කලබල නොවන වග දන්නා නිසා සවස් වතතුරුත් මෙහි
රැඳෙනු කැමැත්තෙමි. දිවා ආහාරය මඟහැරීම එතරම් කාරණයක්ද නොවේ.
නිහඬතාවය තරම් සුන්දර රසෝඝයක් තවද නැත.
නිහඬතාවයට සවන් යොමා
සිටිත්දී දුරගමන් යන සිත නිහඬබව තුල
පමණක්ම සිරගත වේ. ඒ සමථභාවයට මා බොහෝකලක් සිටම ඇලුම් කරමි. ආදරය කරමි. මේ මා
ජීවිතයේ වින්දනය කරන උපරිම සැපතයි.
Oh god…!! …. no….. oh!! වින්දනය රාගයෙන් කෙලවර
විය. නලල් තලයට වැටුනු දිය බිඳක් නාසය දෙතොල තෙමාගෙන ගෙල හරහා දෙපියයුරු අතරින්
ගලා හැලිණි. රාගයෙන් කිතිකැවෙන සිතුවිලි අතරේ හුරුපුරුදු පිරිමි විළවුන් සුවඳ ඉව
කරමින් උන්නෙමි. මෙවන් දඟකාරකමක් කරන්නට මෙලොව සිටින එකම ජීවියා ඔහුම පමණක්ම බව
හොඳාකාරව දන්නා මා දෙනෙත් පියාගෙන දිගටම සිටියෙමි.
“දිය කිඳුරියක් වගේ වතුරේ බැහැගෙන මොකද මේ....” ඒ හඬම අවනතව දෙනෙත් විවිර කලෙමි. මා දෙනෙතට එබීගෙන මට පිටුපසින් ගල් තලාවේ හිඳගෙන උන්නේය. මා දෙනෙතින් පමණක් සිනාසුනෙමි.
“අපි ගෙදර යමුකෝ මායා... මට නම් මේ පාළු දොල පාර අයිනේ
ඉන්න කම්මැලියි.” ඒ දෙනෙක් යලි යලින් ආරාධනා කරන්නට
විය. මා නොසැලී ඔහු දෙසම බලා උනිමි.
“ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා යමු බලන්න.....”ඇවටිල්ලේ සීමාවක් නැත, අවසන මා අවනත උනෙමි.
ඒ අවනත භාවය ආදරය තුලින් මතුවු අති උතුම් පරිත්‍යාගයයි. මන්ද ඔහුගේ සෙනෙහස අසල මගේ නිහඬ ආත්මයට කිසිවිට ඉඩක්
නොලැබෙන බව දැන දැනත් මම කටකාර දඟකාරයෙකුට ආදරය කලෙමි. !
4 comments:
පස්සෙ කියවලා බලන්න ඕනි...
පරිසරයත් එක්ක ඉන්න තියෙනවනම් ආයේ කවර සැපෞඅක් දෑ...
අම්බෝ සෑහෙන කාලෙකට පස්සේ ලියලා තියෙන්නේ.
පසන් අයියා කිව්වා වගේම හෙමින් සැරේ කියවලා බලන්න ඕනේ...
දෙතුන්පාරක්ම හිමින්සැරේ කියවල බලන්ඩ ඕනේ
Post a Comment