දහදියෙන් නැහැවුනු ගතින් යුතුව ව උන්
මා , වායුසමීකරණයේ
සිහිල් වාතය විසින් විසින් පවන් සලන ලදුව සුව නින්දක් වෙත පිවිසී තිබුනි. තද දම් පැහැති සේද ගවොමෙහි මල් කැටයම් ගෙල අද්දර
වේදනා මවද්දි , නිතර
නිතර නිදි ඉරියව්ව වෙනස් කිරිම මට වදයක් විය.
පසුබිමින් අසුනු ඉංග්‍රීසි ගීත නාදය
නින්දත් නොනින්දත් අතර ගත ගෙවීයන මොහොත තව තවත් සුන්දර කරලීය.
නැහැ පුඩු පුරා රැදෙන මෘදු පිරිමි විලවුන් සුවඳ විසින් ඔහුගේ ආත්මයම මා වෙලාගෙන ඇති බව පසක්කරලීය. පියවුනු නෙත් අතරින්
නමුදු ඇඳෙන ඡායාව දෙස මා බලා සිටියේ ලෝබ කමිනි. ගීතයේ රිද්මයටම වාගේම රිය ධාවනය කරන
අයුරු බලාසිටින්නට තරම් සුන්දරය. යලින් ගවොමේ
මල් කැටයම් මට කරදර කරන්නට විය. කෙමෙන් වාහනයේ වේගය නැවතී යන සෙයක් දැනුනි
මුත් මේ නින්දට මා ලොබ බැදී සිටියෙමි.
"මායා...." ඔහුගේ දෙතෝලේ පෙති මා නලලේ ඉහල කෙලවරින් පටන් ගෙන ගෙල මුල නතර විය. ඔහුට ඉඩදුන් මම නිදි ඉරියව්වේම සිටියෙමි මන්ද හදවත
විදුලි සැරකින් කිති කැවීයන්නට වුවා සේම මා දෙනෙත් විවර කරන්න ලැජ්ජාවෙන් පසු
වුනෙමි.
"මේ පාටට ඔයා පුදුම ලස්සනයි මායා."
මා ගෙල මුල මුව හොවගෙන ඔහු මිමිණු දෙය හොඳනි
ඇසිනි. නිදිබර දෙනෙත් පියවී තිබියදීම
මගේ දකුණත ඔහුගේ කෙටි කෙස් අතරේ ලතාවකට දිව ගියේය.
"හොර කෙල්ල.. " විගසින් ඉස්සී මගේ කම්මුල
තදින් සිපගත් ඔහු, මෙතෙක් වේලා මගේ නින්දට බාධා කල මල් කැටයම් වැසෙන්නට බෑගයෙන් ගත් සුවපහසු
තුවායක් අතුරා මෙතෙක් වේලා උකුල මත තබා උන්
නිල්මහනෙල් මල් පොකුර ගෙන පිටුපස අනුසට වීසි කලේය.
මාගේ මංගල ගමනට මේ වන් දම් පැහැති ගවුමකුත්
නිල් මහනෙල් පොකුරකුත් එක්විය යුතු බව මා දැඩි ලෙස තීරණය කලේ පාසලේ උත්සවයකදී නිල්
මහනෙල් වලින් පමණක්ම කල සැරසිලි නිසාය. යුවතියන්ගේ සුදු පැහිති පාසැල් ඇඳුමට යසට ගැලපුනු
හැඩකාර දම්පැහැය තදින් මා සිත වෙලාගෙන තිබුනි. උදෑසන පොරුවට නගින්නට මා හැදි මුතු පැහැති
දුහුල් ඔසරියට ඔහුගේ සුදු පැහැ උඩරට ඇඳුම අපූර්ව ලෙස ගැලපුණු බව මාගේ මිතුරියන් සියල්ලක්ම
පාහේ කීවෝය.
"මායාගේ මානෙල් මල් හීනේ හැබෑ උනා එහෙනම්
" සුබ පතන විට සියල්ලන්ම කීවේ එවදන් පෙලයි.
උත්සව ශාලාවෙන් පිටත් වන්නට පෙර අප සැරසුනු මේ වස්ත්‍ර දෙස ශාලාවේ උන් සියල්ලෝම ප්‍රීතිය පිරි
දෙනෙතින් බලා සිටිද්දි ඔහු මා දෙස ස්තූති පූර්වක
බැල්මක් හෙලීය. නගරය පුරා ඔහුව රස්තියාදු කරමින්
දම්පැහැයට හුරු සුදු කමිසයක් සොයද්දි මුහුණ එල්ලාගෙන සිටි ඔහු එතරම් වෙහෙසී
සොයාගත් කමිසයත් මාගේ ගවොමේම පැහැයට හුරු ටයි පටියත්, කළු
පැහැති කබායේ අමුනා තිබූ දම් පැහැ ඔකිඩ් කැකුලත් සමඟ එක්ව දුටු
කල් ඉතාමත් කඩවසම් ලෙස පනුනි.
උදෑසන සිටන් සිඳුවු සියල්ලම එකපෙලට සිනමා
පටයක් මෙන් නෙත් පුරා ඇදී ගියෙ අඩනින්ද තව තවත් සුන්දර කරමිනි. සිහිනයක් සැබෑවුවාක් මෙන් ඔහුගේ සෙනෙහස මට හිමිවු
තැන් පටන් සියලු සුන්දර මතකයන් එත් නැත් වු කල මසිත පාරාදීසයක් තරමට සුනදර නොවේදැයි
මොහොතකට මට දැනුනි.
"මායා !!! තාමත් හොරට නිදිද.. අපි හොටෙල් එකට ඇවිත් ඉන්නේ.." කම්මුලක් මුඳුව
පිරිමදිමින් ඔහු මුහුණට නැඹුරුව උන්නේය. මම දෙනෙතින් ඔහු හා සිනාසුනෙමි.
"පිස්සු කෙල්ලව මගේ කරගන්න මේ තරම් දුක්
වින්දේ ඇස් දෙකෙන් හිනා වෙන අහිංසක හිනාව නිසා තමයි" සෘජු ලෙස මාගේ දෙනෙතට එබී ඔහු බැරෑරුම්
ප්‍රකාශයක් කලේය.
ඔහු පසුපස වැටී අපගේ කොටේජය වෙත ගමන් ගන්නා
කාලය තුල, මා ඒකපාර්ශ්වික ආදරයක අතරමන්වී සිටි කාලයේ ඔහු ව දැඩි ලෙස ප්‍රතික්ෂේප කල යුරු සිහිකලෙමි.
ඹහු යන මගක හෝ යන්නට නොසිතූ මා අද ඔහු
පසුපසින් වෙරළ නවාතැනට
පියනැඟිම සැබැවින්ම මගේ සිහින ලෝකය බිඳ වැටී, යථාර්ථය සිහිනයකටත් වඩා සුන්දර ලෙසකින් සැබෑවීමකි.
සමුදුර අද්දර මෙම නවාතැන තෝරා ගත්තේ
ඔහුයි . අනෙක් සියල්ල සැලසුම් කිරීම මා හට පැවරුනු රාජකාරි වු නමුත් මා හමුවීමටත්
පෙර සිටන් ඔහු තොරාගත් මෙම සමුදුරු නිවාඩු නිකේතනය අප දිවියේ සුන්දරම දිනය ගෙවන්නට
ඔහු තොරා ගෙන තිබුනි.
මගේ ජීවිතයේ සිහින නොතිබුනා නොවේ.
එහෙත් ඩිස්නි සුරංගනා කතාවකටත් වඩා බොළඳ වු ඒ සිහිනයන්හී ගිලී ජීවත් වු මට ඔහු
අනාගතය සිහිනෙන් දුටු තරම් හැඩට දකින්නට නොහැකි වීම පිළිබඳ මොහොතකට පසු තැවුනෙමි.
විවර වු දොරින් හෙමි හෙමින් කොටේජය
තුලට ඇවිද ගිය මා සමුදුරු ඉසව්වට මුහුණ ලා ඇති
ලී බරාදියේ කෙල වර සිට ඈත සමුදුරු අනන්තය සෙවීමේ විකාර උත්සහයක යෙදුනෙමි.
හදවත තුල වු සිතුවිලි අකුරු කර ගත නොහැකි
තරම් වුවා සේම පෙනහළු අතරින් විදුලි ධාරාවක් ගමන් ගන්නාක් මෙන් නුහුරු හැඟිමක මා
වෙලී උන්නමි.
ජීවිතයේ ප්‍රථම වතාවට දෙමාපිය
හවුහරනින් මිදීමේ නුහුර සේම පිරිමියෙකු සමඟ තනිවීමේ නුහුරු අත්දැකීමට මා දැන් සූදානම්
විය යුතුය. දෝත මත පරවෙමින් තිබුණු නිල් මහනෙල් මල් මිටිය ලයට තුරුළු කරගත් වනම ලොකු හුස්මකින් පෙනහළු පුරවා ගතිමි. බොහෝසෙයින්
නොසන්සුන් වු විටෙක එසේ කරන්නැයි කියා දුන්නේ දහම්පාසලේ අභිධර්මය ඉගැන්නූ සඳමාලි
අක්කාය. ඒ ක්‍රමය ජීවීතයේ බොහෝ තැන්වලදී සාරථක වී ඇත. සෙමින් පෙනහළු තුලින් වාතය
පිට කරත්ම යලිත් ඔහුගේ පිරිමි විලවුන් සුවඳ මා අසලින්ම දැනෙන්නට විය.
"මොකෝ මගේ ලස්සන මනමාලි බය වෙලා වගේ......."
පළල්
ගවොම් කරින් විවරව තිබු මගේ නිරුවත් උරහිස් මතින් දෝතම තබා ගෙන ඔහු මා පිටුපසින්
සිටගෙන උන්නේය. ලතාවකට උරහිස් සම්භානය කරමින් ගෙල දක්වා දිඟු අතැඟිලි රැගෙන ආ ඔහු
මට පිටු පසින් මුහුණට පහත් වී නලල මත
හාදුවක් සිත්තම් කලේය, ඔහු මට වඩා බොහෝ සෙයින් උස් වුයෙන් එය ඔහුට ඉතා පහසු විය. නැවත නැවතත් යට කී සියුම් විදුලි ධාරාව මා සිත
කළඹන්නට විය. ඒ නිසාම මා බොහෝ වේලාවක් නිහඩවන්නටත් ඔහුට සිටි ඉරියව්වෙන්ට
සිටින්නටත් සිදුවන්නට ඇත.
"මායා... ඔයා තාමත් හීන ලොකේද ....." නිහඬතාවය බිඳිය යුතු නිසාමදෝ ඔහු
පවන් පත් අතර සිට මිමිණුවේය.
"ම්ම්ම්ම්"
දෙනෙත පියාගෙනම මා මිමිණුවෙමි...ඔහුගේ පහසින් මා මුදා ඉවත යන්නට ඔහු එතරම්
වෙලාවක් නොගත්තේය.. මා හැරී බලන ඇසිල්ලෙන්
අසල වු වේවැල් හාන්සි පුටුවට කඩාවැටුණු ඔහු මලානික මුහුණින් යුතුව ඈත ක්ෂිතිජය
දෙසට නෙත් යොමා සිටියේ.
එක්
අතකින් නිල්මානෙල් මල් මිටත් අනෙක් අතින් දිගු ගවොමේ බිම දිගෑදෙන කොටසත් රැගත්
මම සෙමින් ඔහු දෙසට පා නැගුවෙමි.. එහෙත්
ඔහු තවදුරත් මා නුදුටු සෙයික් මවා පෙන්වමින් ඈතට නෙත් යොමා සිටියේ..
ඒ නිහඬ
බව දරාගත නොහැකි වු තැනකදී ලී පොළව මත දණඔබා ගත් මම අතවු මල් මිටිය බිමින් තබා
දෑතින්ම ඔහුගේ මුහුණ ගතිමි.
"ඇයි මේ....." මා ඔහුගේ මුහුණට එබෙද්දි.. ඒ දෑස් තෙත්පටලයකින්
වැසී, දෙතොල් දැඩිව වියලී තිබුණි.
"මායා... ඔයා ආවේ සතුටින් නෙවෙයිනම්..
මේ දැන්ම මම ඔයාව ගෙදර එක්කරන් යන්නම්.. ඒත්.... ඔයා දකින හීන ලොකේ ඔයා පිළිගන්න
ලැස්ති නෑ කියලා ඔයා වගේම මමත් හොඳින්ම දන්නවා... මට කල්පනා කරන්න දෙන්න.. මම
දන්නේ නැහැ ඔයාගේ හීන ලොකේ රජ වෙන්න මම මොනවද කරන්න ඔනි කියලා.. ඒත්... මට පුළුවන්
ඔයාව මගේ ජීවිත කාලේම මා ලඟින් තියාගෙන බලා ගන්න....ඒ...ත්.......ම අ හ්... " ඉතිරිය කියන්නට නොදී මා දෑගිලි
වලින් ඔහුගේ මුව වැසුවෙමි..
"මම හින දකිනවා... මම උපන්නේ හීන
දකින්නමයි.... ඒත්..... ඔයා හිතන විදියේ හීනයක් නෙවයි.... මම අද ඉඳන් දකින්නේ
අළුත් හීනයක් ..... ඒ ඔයා එක්ක........" දෙනෙත බිමට බර කරගත්වනම මා කීවෙමි... යලිත් යමක්
කියන්නට මට ඉඩ නොවීය... වේගයෙන් පුටුවෙන් නැගී සිටි ඔහු දෝතින්ම මා ඔසවාගෙන වටයක්
කරකැවී සුන්දර සිනහවක් නැඟිය.
“Love at first sight is easy to understand; it’s when two people
have been looking at each other for a lifetime that it becomes a
miracle.”
8 comments:
හරිම ප්‍රේමණීයයි :)
ආදරය....
:)
ජය වේවා!!
අම්බෝ කාලෙකට පස්සේ !!!
මොකෑ උනේ ?
ලස්සන ලියවිල්ලක් !!!
ම්ම්... හරිම ලස්සනයි.. අදමයි මේ පැත්තේ ආවේ.. මගේ හිත දැහන් ගත වුනා මේ කතාව කියවද්දී..හරිම සන්සුන් වුනා.. :)
hmmmmmmmm.....
මාත් නම් අදමයි අවේ මේක කියවල අයෙමත් එන්න හිතුන ලස්සනයි මිතුර
බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,
බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)
එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.
තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...
ස්තූතියි
මෙයට සංවිධායක කමිටුව
අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.
--
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk
ලස්සන කතාන්දරයකි විශිෂ්ඨයි...
Post a Comment