සුනීල වර්ණයෙන් යුතු දිය රැළිති මතින් හැඩ ගමනක
ඇවිද ,දිය කඩිත්ත තරණය කලෙමි. ප්‍රථම වතාවට ආපසු හැරී බැලීමෙහි සවියක් චංචල
සිතුවිලි අතුරින් දැඩිව මතුවිය. දිය කඩිත්තට එපිට මයිල කිහිපයක් ඈතට විහිදෙන තැනිතලා
තෘණ යාය මතින් තවමත් පහව නොතිබුණු උදැසන මිහිදුම් හැරෙන්නට අන් කිසිවක් මගේ දෘශ්ඨි
පථය හරහා නොවින.
මම,
බොහෝ කලක් නැවතී සිට කිලෝමීටර් ගනනාවක් එක දිගට දිව ගිය අයෙකු මෙන්
හෙම්බත්ව සිටිමි. ඒවන් වු වෙහෙසකර මොහොතක මේ සොඳුරු දිය ඉස්මත්ත ගිමන් හරින්නට
සුදුසුම තැනක් නොවේද ? ඉඳින්
නිදහසේ හති හෙලන්නට අසල ගල්තලාවේ වාඩි උනෙමි.
--**-**-**--
ජුක්! ජබුක්! චික් !චක්! චකස්!!..... එකිනෙක ගල්
කැට ජල තලය මත පතිතවන හඬ අවස්ථානුකූලව විවිධ ස්වරූපයන්ගෙන් යුක්න විය. ඒ විවිධතවය
තරමටම පසෙකින් ඇසෙන වීදුරු ගැටෙන හඬට මුසුවුනු මත්වුණු සිනාහඬ හදවතේ නිස්කලංක භාවය
බිඳ දමා තිබුණි. දෙනෙත් රත් පැහැයෙන් ගිනි ගනිද්දී කම්මුල් මතින් හටගත් දැවිල්ල
හදවතේහි වූ කෝපය නිර්ලෝභීව පිටකර තිබුණි.
සිතුවිලි වල ආවේගය වැඩි වත්ම, දිය තලය මත ගල් කැට පතිතවන වේගයද
ඉබේටම වාගේ වේගවත් විය. දියතලයත් අනේකවිද ස්වරයන් මවමින් ඒ මත පතිතවන ගල්කැටත් මත
පමණක්ම රෑඳී තිබුණු අවධානය බාහිර පරිසරයෙන් මුළුමනින්ම මිදෙත්ම , සිතුවිලි ලෙඩ කල ඒ කෑකෝ ගැසීම් නෑසී
යන්නට විය. ගල් කැටිති ජල තලය මත පතිත වන විට කුඩාදිය බිඳු විසිරෙන්නා සේම දෙනෙත්
අග්ගිස්සෙන් පටත් ගත් විසල් කඳුලු බෝලයක් කම්මුල හරහා පෙරලීයන වේදනාකාරී ආශ්වාදය
දෙනෙත් පියාගෙන වින්දෙමි. එය මනෝ ආත්මභාවයේ පතුලටම කිමිද හදවත සංසුන් කරගැනීමට
නිතර මා විසින් සිදුකල ව්‍යායාමයකි.
නමුත්!
පිටුපසින් පැමිණි වේගවත් තෙරපීම විසින් අසමතුලිත
සිතුවිලි වල වෙලී උන් සිතට උරුම වූ කය සමබරතාවයෙන් ගිලිහී මදක් ගැඹුරු ජලතලය මත
පතිත විය. අත්ලේ ගුලිව තිබූ කුඩා ගල් කැබලි හඬක් නොනගාම දිය තලයේ ගිලී යද්දී, ඒවනතුරුත් සිදුවීම තේරුම් ගැනීමට
අපොහොසත් සිතටම ඉඩදී නිශ්වල සිරුර මුදාහැර බලා උන්නෙමි. කෙමෙන් දෙකන් පෙතිද
මොහොතකින් ඇස්පියන්ද ජලතලය මත ගිලීගිය බැවින් නාසය අවහිර වු බව මා ඔබට අමතුවෙන්
කිවයුතු නොමනාය.
“මායා what’s wrong with you, god shake just open your eyes.....
මේක සෙලල්මක් නෙවී... Please this
is not a joke මායා just
wake up than killing me ...... ”
සිරුර අතැරයන්නට මං පෙත් සොයන ආත්මය ඒ හඬට ලොබ
බඳිනා බවක් හැඟුණි. උදරයත් පපුපෙදෙසත් අතරින් තෙරපමින් වියරුවෙන් කෑ ගසන හඬ තවත්
වරක් මා හට ජීවය ගෙන දුනි.
*-**-*
සුවපහසු පෞද්ගලික රෝහල් සයනය මතට විසල් නගරයේ
බොහෝ ඈතක් පෙනෙන සෙයකින් එහි මායම සොයන්නට වීදුරු කවුලුව මතින් ක්ෂිතිජයට සිතියම්
අඳිමින් උන්න්නෙමි.
ජීවයට අත වැනූ ඒ සුපසන් හඬ මොහොකතට නිහඬව තිබුනත්
ගුඹුරු සුසුම් අවකාශයේ පාවෙමින් පැමිණ මාගේ සියුම් කන්පෙතිවල වැදුණි.

දින ගනනකින් නොකැපූ රුවුල් කොට
මුහුණට තදවන සේ පිටුපසින් සිට කම්මුල් මතට
කම්මුල් තෙරපාගෙන ඔහු මිමිනුවේය. ඒ මා ප්‍රිය
කරණ ආදරණිය ස්පර්ශයකි. නමුදු ඔහු මා ඉදිරියේ දැන් බරපතල වරදකරුවෙකි. ඒ ,
විහිලුවක් කරන්නට සිතා මා දොළ පහරට තල්ලු කල නිසා නොවේ. විනෝද
චාරිකාවම අපුලක් කරවමින් මිතුරන් සමඟින් මදුවිත තොල ගෑ නිසාය. දින ගනානාවක් පසුවී නමුත් තවමත් කෝපය නිවි
නොතිබුණි.
“Then, leave me and go.... කුශා....... forever...!”
ඇඟ දැවටුණු සර්පයෙකු අහක්කරන්නා සේ ඒ උණුසුම්
ස්පර්ශයෙන් වේගවත්ව මිදෙමින් මා කෑ ගැසුවෙමි.... ඒය රොහල් බිත්ති පුරා
නින්නාදවන්නට විය.
“මාය what is this, why are you taking revenge for
that small thing... I promised that I won’t do that again.......... give me
another chance... ඒ මම ඉල්ලන අනිත්ම චාන්ස් එක මායා.. ” ඒ දෙනෙත් විශ්මයෙන් විසල්ව තිබුණි,
ඒ වේදනාවම විය. මට අවැසි වූයේ ඒ දෙනෙතට තව තවත් වේදනා දෙන්නට පමණි.
“කීවේනි පාරද........
මේ කීවෙනි පාරද කූශා......හැමදාම ඔයා පොරාන්දු වෙනවා නොබොන්න.... ඒත්.. හමදාම ඔයා
ආයෙමත් බොනවා අන්තිම පාරට කියලා.... I
had enough your last chance. මාව ආපහු හොස්ටල් එකෙන් බස්සලා ඔයා
යන දිහාවක යන්න කුශා... ආයිත් මගේ ඇස් වලට පේන්න එන්න එපා....”
අපුලෙන් ඔහුව තව තව ඈත් කරමින් කෑ ගැසුවෙමි. ඔහු
බොහෝ දෑ කිවේය. නමුත් ඒවා අසන්නට මා සූදානම් නොවීමි.
තුන්රෝද රිය විශ්වවිද්‍යාල නේවාසිකාගාර මාවත
අවසන් කරත් ඔහුත් මාත් අතර නැවත වදන් ගනුදෙනුවක් නොවිනි.
“බුදු සරණයි
මායා.... ඔයා කියනවනම් එන්නේම නැහැ ආයේ... කවදාවත් නැහැ..... But keep in mind... you will realize one day
how much you loved me... ”
ඒ අසරණ හඬ නැගු මුව දෙවත් නොබලා සිමෙන්ති පඩි පේලිය දිගේ ඇවිද ගියෙමි.
*-**-*
කාලය අත්තටු ලැබ පියඹායන අතර තරතුරදී හෝ යලිදු
ඔහු නොආවේය. මසිත මා රවටා තිබුණි.
බේබද්දෙකුගෙන් මිදුනා යැයි මම මටම සෙත් පතා ගතිමි. එහෙත් මාත් නොදැන තාරුණ්‍යය ක්ෂය වෙමින් ගොස්
තිබුනි. මම මඟ බලා හිඳින්නට හුරු උනෙමි.
ඒ යලිත්
ඔහු පැමිනෙන නිසා නොවේ. ඔහු මාහට අහිමිව ගිය නිසාය. පිය පාර්ශවයේ කුල දියනියක් පාවා ගන්නා දිනයෙහි
මමද ඔහුගේ විවාහ උත්සවයේ අමුත්තන් අතර සිටි බව හදවතට රිදවුම් දුන් නිසාය.
මම දැවෙමින් උන්නෙමි.. කේන්තිය ඉහවහ ගොස් කියු
එක් වදන ඔහුට ලබා දුන් සවිය පිළිබඳ මම උරණව උන්නමි. ඔහුට වඩා බෙහෙවින්
පරිපුර්ණයෙකු හා කුල ගෙයට යන්නට මඟ බලා
උන්නමි. එහෙත්,
විසිහත්
වයස්වන විටත් ප්‍රේමය සිතට අපුලක් මිස සැනසුමක් ගෙන නොදෙන්නක් විය. විවිධ තරාතිරමේ යෝජනා පැමිණියත් එකම චදනකින් ඒ
සියල්ලක්ම නිශ්ප්‍රභා කරන්නට තරම් මාගේ විධායක බලතල සවිමත් විය.
“කසාදයක් කර
ගන්න අකමැති ගෑණියෙක් ඉන්නවද හැබෑට... කැම්පස් යැව්ව අපේ වරද... අර වාද මේ වාද
ඔළුවේ පිරිලා... කසාදයකට අකමැති වෙන්න
තරම් මොකක්ද උඹට තියෙන ප්‍රහ්නේ මායා... ”
දෙමාපියන් එලෙස ගොරණාඩු කලාහුය.
“ මම හොයන
විදියේ මිනිස්සු නැහැ... එහෙම නැතිනම් මම කසාද බඳින්නේත් නැහැ..” මාගේ තීරණය දැඩි විය. ඒ දැඩි බව
නිසාම දෙමාපියන් මා ඉදිරියේ පරාජය වන්නට පෙර ඔහුන්ම පරාජය දෝතින් පිළිගත්තෝය.
“අම්මා... මං
කැමතියි මහණ වෙන්න....”
සියලූම වාද විවාද අවසානයේ මම ජය ග්‍රහණයේ පණිවුඩය දෙමාපියන් පාමුල තැබීමි.
“දහදුක් විඳලා
උඹට ඉගැන්නුවේ තරුණ කාලේම තපසට යවන්නද මායා... මොනවද මේ කියවන කතා....”ඇය උරණ වී උන්නාය.. නමුත් මා කිසිදා
පරාජය නොවන්නියක්මි. දෙනෙතෙහි කඳුලු වල
උණුසුම ඇය සිත වෙඬරු පිඩක් කරනා බැව් මා පලපුරුද්දෙනි දනිමි.
“අම්මා.. දන්න
දවසේ ඉඳන්.. මම මේ ජීවිතේ එක්ක රේස් පදිනවා.. දැන් හොඳටම මහන්සියි මට... ඉස්සරහට අරමුණක්
නැහැ.. අනෙක මම ජීවත් වෙන්නේ කිසිම සතුටකින් නෙවයි. මම ආසයි ජීවිතේ ඉස්සරහට
සතුටින් ඉන්න.....”
දෙනෙතේ කඳුලු මෙන්ම මාගේ ස්වරය හා ඇවටිල්ල
දෙමාපියන්ගේ කැමැත්ත මවෙත ලැබීමට මහෝපකාරී විය.
අත්ථි ඉමස්මිං කායෝ කේසා ලෝමා නකා දන්තා
අත්ථි.. ඉමසම්මිං....කේසා.... ලෝමා.... නකා....
දන්තා...මාසං...නහාරු.. අත්ථි..
පසුබිමින් තාලයට ඇසෙත පිරිත් සුත්‍රයත් සියුම්
හඬක් නංවමින් කතුරින් කැපී යන දිගු ගණ කෙස් රුලිති දිය බඳුනට වැටෙන හඬත් අසංතුලිත
මනස තුල හොල්මන් කරන්නට විය. අතීතය සිතුවමහ් පටක් සේ දෙනෙත් ඉදිරියේ යලි යලිත්
ආවර්ජනය වන අතරේ පරාජිත ප්‍රේමවන්තිය මායා , උපේඛා නමින් කසාවත් දැරුවාය.

දිහදියෙන් සිරුර තෙත්වී සියුම්
නහර වැල් හිරීවැටී යන රාගීක රාත්‍රියක් නිමාකල මම. වනගත අසපුවේ උදෑසන තේවාවට
බැතිමතුන් පැමිනෙන මාවත මගහැර මේ තෘණ නිම්නය කෙලවරට පැමිණියෙමි.
සිතන්නට ලැබුණු ඉඩහසර මතින් රාගික උපේඛාවක් ජීවත්
කරවීමේ යුක්ති සහගත බවෙහි සමගාමී
සමීකරණය විඳාගනිද්දී කසාවත සිරුරට බරවැඩි සෙයක් මට දැණුනි.
ඉඳින් මම පහත් වී අතවූ පාත්‍රය නිසොල්මනේ ගලා හැලෙනා සුනීල දිය
තලයට පරිස්සමට අත්හලෙමි.. දියපහරේ වේයෙන්
පහල නිම්නය දෙසටඇදී ගිය පාත්‍රය ගල්පරයක වැදී පෙරලී ගියෙන් ඒ තුල සිරකල කසාවත සුනීල
ජලයේ පිහිනා යන කහ ගැරඬියෙකු සේ ඈතට දිස්විය!!!